බදු බරට හා රාජ්‍ය සම්පත් විකුණා දැමීමට එරෙහිව මේ මස 23 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව වෘත්තීය සමිති ජනතාව සමග එක්ව සිදු කරන විරෝධතාවලට මහින්ද පාර්ශ්වයේ පිරිස් සහභාගි කර නොගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුවද ජනතාව පීඩාවට පත්කරන වැඩකටයුතු සිදු කළ බවත්, වර්තමාන ආණ්ඩුවත් ජනපීඩක ආණ්ඩුවක් බවට පත්ව තිබෙන බවත් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.වී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මේ මස 23 වැනිදා සිට ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධතා පවත්වන බවත්, පළමු වැඩසටහන කොළඹ නගරයේදී මේ මස 23 වැනිදා පවත්වන බවත් ඔහු පවසා සිටියේය.
මෙම විරෝධතා ව්‍යාපාරවලට මහින්ද පාර්ශ්වයේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස්වලට සහභාගි විය නොහැකි බවද අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කළේය.