හොඳින් වියළන ලද දේශීය ලොකුලූනු කිලෝවක් රුපියල් 80 බැගින් මිලට ගන්නා ලෙසට ජීවන වියදම් කමිටුව ලංකා සතොස ආයතනයට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශීය ලොකුලූනු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ලොකුලූනු කිලෝවක් සඳහා 40%ක විශේෂ භාණ්ඩ බද්දක් පැනවීම තුළින් ගොවීන් වෙත ඉහළ මිළක් ලබාදීමට හැකි වුවද, ජීවන වියදම් කමිටුව තවදුරටත් සතොස සමග සිදු කරන ලද සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වුවද මෙවර යල කන්නය තුළ වගාබිම් ප්‍රමාණය හා නිෂ්පාදන පහළ යෑම තුළ දේශීය ලොකුලූනු නිෂ්පාදනය ප්‍රමාණවත් වන්නේ මාසයකට පමණක් වන බවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
නිදර්ශනී වික්‍රමසිංහ