ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සේවකයන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබා දීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතනයන්හි බොහෝ සේවක පිරිස් අදාල එන්නත ලබා නොමැති තත්ත්වයක් මත වුවද අඛණ්ඩව සේවාවන් සපයමින් සිටින බවයි.