දිවයිනේ ස්ථාන තුනකදී ඊයේ සිදු වූ ජල අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙක් මිය ගොස් තිබේ. වඩුකොට්ටේ පොලිස් වසමේදී අවුරුදු 1ක දරුවෙක් ළිඳට වැටීමෙන් මියගොස් ඇත.
යටියන්තොටදී, කැළණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 34ක පුද්ගලයෙක් අතුරුදන් වී ඇති අතර වාලච්චේන ජයන්ති යායා වැවේ ඔරු පැදීමට ගිය දෙදෙනෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් දෙදෙනෙක් මෙම අනතුරින් දිවි බේරා ගෙන ඇත.