සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර හා ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබාගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජල පාරිභොගිකයන් ප්‍රමිතියෙන් තොර උපාංග භාවිත කිරීම හේතුවෙන් ජලය විශාල ප්‍රමාණයක් කාන්දු වීම හා අපතේ යෑමත් ප්‍රමිතියෙන් තොර ගුණාත්මක බමින් අඩු ජල උපාංග දේශීය වෙළඳ පොළට ඇතුළු වීම වැළැක්වීම සඳහා නියමනය කළ යුතු ජල උපාංග කාණ්ඩ ගණනාවක් ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හඳුනාගෙන තිබේ.
ඒ අනුව පාරිභෝගිකයාට, දේශීය ජල උපාංග නිෂ්පාදකයන්ට මෙන්ම පාරිසරික වශයෙන්ද ප්රතිලාභ ලැබෙන පරිදි ප්‍රධාන රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කොට මහජනතාවගේද අදහස් මත පදනම්ව සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර හා ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබාගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව යන ජල උපාංග කාණ්ඩ සඳහා හඳුනාගෙන ඇති නියාමන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.