මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වියළි කාලගුණය නිසා ජල විදුලි බලාගාර ආශ්රිත ප්‍රධාන ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහළ බැස ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සඳහා ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම මේ වන විට සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසුහ.
කාසල්රි ජලාශයේ ජල මට්ටම (23) දින අලුයම වන විට 49.9% වශයෙන්ද , මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 58.1% දක්වාද පහළ බැස ඇති බවත්, එම ජලාශ දෙකෙන්ම 30% දක්වා ජල ධාරිතාවක් දක්වා විදුලි උත්පාදනය කල හැකි බව විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේය.