දැනට අප රටේ ජලාශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් තිබුණත්, මාර්තු මාසය වනවිට ඇති විය හැකි වියලි කාලගුණයත් සමග එම ජල මට්ටම ශ්රීඝ්රයෙන් අඩුවිය හැකි නිසා මේ වනවිට උපරිම ධාරිතාවයෙන් ජලවිදුලිය නිපදවිම කෙරෙන නිසා ජලාශවල ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්හට උපදෙස් දි තිබේ.
අද දින (09) විදුලි බල අමාත්‍යාංශයේ දී මේ වනවිට විදුලිබලය උත්පාදනයේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහිදී අනාවරණය වුයේ 2014න් පසුව ගත වූ කාලය තුළ කිසිදු විදුලි බලාගාරයක් ඉදි නොකිරිම හේතුවෙන් මෙම වසර මැද විදුලි අර්බුදයකට මුහුණ පාන්නට සිදුවිය හැකි ඇති බවයි.
විශේෂයෙන් ලංකා විදුලි මණ්ඩලය පසුගිය වසරේ රු. කෝටි 8,500ක පාඩුවක් ලැබිම, ලංකා ඛනිජතෙල් සංස්ථාවට රුපියල් කෝටි 8,300ක් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පියවා නොතිබීම මෙන්ම පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගත්තත්, එම ආයතනවලට රු. කෝටි 4,300ක් පමණ මුදලක් හිඟ මුදල් වශයෙන් පියවීමට තිබීම වැනි හේතු නිසා දැඩි මුල්‍ය අර්බුදයකට එම මණ්ඩලය මුහුණ පා සිටි.
එම නිසා මේ වනවිට ජල විදුලිය උපරිම ධාරිතාවෙන් නිපදවිමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බැවින් අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිතා නොකළහොත් , මාර්තු මාසය අවසන් වනවිට විදුලි කප්පාදුවක් පවා පැන නැගීමේ හැකියාවක් පවතීන බව සඳහන් කෙරේ.
විදුලි බල උත්පාදනය සඳහා කෙටිකාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ලංකා විදුලි බල මණ්ඩලය. මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල පවතින දුරස්ථභාවය නිසා ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීමේ දි විවිධ ගැටලු මතුවි තිබේ. 2013 සිටම පවතින එම ගැටලු ද විදුලිබල ක්ෂේත්රයට විශාල බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලිබල උත්පාදනයට අදාළ සියලු ආයතන එකට එක්ව මහජනතාවට මෙන්ම ආර්ථිකය සඳහා බලපෑ හැකි විදුලි අර්බුදයක් මතුවීම වළක්වා ගැනිමට සුදුසු පියවර වහාම ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දි තිබේ.
විශේෂයෙන්ම විකල්ප බලශක්ති උත්පාදනයට හැකි තරම් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා මෙම වසරේදිද හදිසි මිල දී ගැනිම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවනු ඇති බවත්, ඒ සඳහා අඩු තරමින් තවත් රු.මි. 6,500ක් පමණ වැය කිරීමට සිදුවනු ඇති බවත් පැවසීය. එහෙත් ලබන වසර වනවිට නව විදුලි බල ව්‍යාපෘති වශයෙන් සුළං බල, සූර්යබල හා ක්ලීන් කෝල් ( පිරිසිදු කරන ලද ගල්අඅගුරු) බලාගාර ස්ථාපනය කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.
ජලවිදුලිය, සුළං බල හා සුර්ය බල විදුලි ඒකකයක් සඳහා ස්ථිර මිලක් කඩිනමින් තීරණය කරන්නැයි ද, දැනට විවිධ මිල ගණන් යටතේ එම විදුලිය මිලදී ගැනීම සිදුවන නිසා එමඟින් රජයට මෙන්ම විදුලි බල මණ්ඩලයට ද විශාල පාඩුවක් සිදුවන බව මෙම අවස්ථාවට එක්වෙමින් විදුලි බල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.