ගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ සියල්ලම ජලධාරිතාවය සමස්තයක් ලෙස සියයට 94.55 ඉක්මවා පිරීගොස් තිබේ.
ඒ අනුව කාසල්රී ජලාශය සියයට 92.7ක්, මාවුස්සාකැලේ සියයට 92.8ක්, කොත්මලේ සියයට 89.8ක්, රන්දෙනිගල සියයට 93.6ක් හා සමනල වැව සියයට 100ක් වශයෙන් පිරී ගොස් ඇත.
එමෙන්ම 2019.12. 22 දින විදුලිබල පද්ධති දෛනික වාර්තාව අනුව ජලවිදුලිය මගින් උත්පාදනය කර ඇති විදුලි බලශක්ති ප්‍රමාණය සියයට 68.34ක් වේ. ඒ හැර තාප විදුලිය සියයට 29.13ක් ද, සූර්ය බලයෙන් සියයට 0.38ක්ද, සුළං බලයෙන් සියයට 1.5ක් ද විදුලිය නිෂ්පාදනය කර තිබේ.
ඊයේ දිනය තුළ සමස්ත විදුලි උත්පාදනය ගිගවොට් 32.83කි.
තවද ඉන්ධන භාවිතයෙන් සිදු කෙරෙන පුද්ගලික අංශයෙන් විදුලිය නිෂ්පාදනය, ඊයේ (22) දින වනවිට සම්පූර්ණයෙන්ම නවත්වා තිබේ. එයට හේතුව නම් ජල විදුලිය උත්පාදනය ඉහළ යාම නිසා පුද්ගලික අංශයේ ඩීසල් බලාගාර ආශ්‍රිතව විදුලිය උත්පාදනය අවශ්‍ය නොවීමයි.