ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සිය ප්‍රථම ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ.
"අද දින ඇස්ට්‍රාසෙනෙකා සමග මගේ පළමු වැනි එන්නත ලැබීම ගැන මා සතුටු වෙනවා. එන්නත් කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වූ සැමට සහ එන්නත ලබාදුන් සැමට මා ස්තූතිවන්ත වෙනවා. වසංගතයෙන් මිදීමට එන්නත්කරණය ඉතා වැදගත්" යනුවෙන් 66 හැවිරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියාය.