AIDA නෞකා ජාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 236ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔවුන්ගේ දේශීය නියෝජිතායනය වන වින් ස්ටෝන් සමාගම පවසයි.
එම පිරිස ජර්මනියේ හැම්බර්ග් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 1206 ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපොළට රැගෙන ඒමට නියමිතය.
මම පිරිස රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන්ව දින 14ක කාලයක් නිරෝධානයට යොමුකිරීමට නියමිතව තිබේ.
වින් ස්ටොන් සමාගම සඳහන් කළේ ඔවුන්ව හෝටල් තුළ නිරෝධානය කරන බවත් ඒ සඳහා සියලුම වියදම් AIDA සමාගම විසින් දරණ බවයි.
AIDA සමාගමේ ශ්‍රී ලාංකික නාවිකයන් 450ක් සේවය කරන අතර ඔවුන්ගෙන් 236ක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
කොවිඩ් 19 වසංගතය අවසන් වී ලෝක නාවික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව ඔවුන්ව නැවතත් AIDA සමාගම වෙත බඳවා ගැනීමට නියමිත බවත් වින් ස්ටෝන් සමාගම නිවේදනය කරයි.