නව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීමේ මාර්ගයක් ලෙස ජර්මනිය සිය අර්ධ වශයෙන් රට පුරා අගුලු දැමීම අවම වශයෙන් දෙසැම්බර් 20දා දක්වා හෝ ජනවාරි දක්වා දීර්ඝ කරනු ඇති බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් නිවේදනය කරයි.
"ආසාදන සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා" මර්කල් පැවසීය.
අර්ධ වශයෙන් රටපුරා අගුලු දැමීම යන්නෙන් අදහස් වන්නේ ජර්මානු රජය අවන්හල් සහ බාර් වසා දමා තිබීම, සංචාරය කිරීමෙන් වැළකී සිටීම, ඔවුන්ගේ සම්බන්ධතා අවම මට්ටමක තබා ගැනීම සහ ප්‍රසිද්ධ රැස්වීම් කුටුම්භ දෙකක සාමාජිකයින්ට පමණක් සීමා කිරීමය. කෙසේ වෙතත් එරට පාසල් සහ සාප්පු විවෘතව පවතී.
මෙසේ අගුලු දැමීම දීර්ඝ කිරීම තිබියදීත්, දෙසැම්බර් 23 සිට ජනවාරි 01දා දක්වා සීමාවන් ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ළඟම පවුල් හෝ මිත්‍රත්ව කවයක් පුද්ගලයන් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් වශයෙන් හමුවීමට අවසර දීමට බලාපොරොත්තු වන බවද මර්කල් පැවසීය.
විශේෂයෙන්ම පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බව මර්කල් වැඩිදුරටත් නිවේදනය කළේය.
ගෙවීගිය පැය 24 තුළ ජර්මනිය කොරෝනා වෛරසය සම්බන්ධ මරණ 410ක් වාර්තා කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබේ. එය ජර්මනියේ ආසාදන පැතිරයාම ආරම්භ වූදා සිට මාරාන්තික ලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය අවස්ථාවක් බව එරට රෝග හා පාලන ඒජන්සිය වන රොබට් කොච් ආයතනය පවසයි.