ජර්මනියේ කොවිඩ්-19 ආසාදන විශාල ලෙස පහළ යෑමක් සිදු නොවන්නේ නම්, වර්තමාන කොරෝනා පාලන සීමාවන් ජනවාරි මස මුල දක්වා දීර්ඝ කරන බව කියයි.
වර්තමාන ආසාදන අනුපාතය අනුව පෞද්ගලික රැස්වීම් සීමා කිරීම සහ අවන්හල්, විවේකාගාර සහ සංස්කෘතික පහසුකම් වසා දැමීම ආදී වූ නොවැම්බර් මස මුලදී හඳුන්වා දුන් ක්‍රියාමාර්ග ඉවත් කළ නොහැකි බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පැවසීය.
"දෙසැම්බර් 20දා දක්වා මේ සීමා කිරීම් අඛණ්ඩව සිදු කරනු ඇති. නමුත් අපි උපකල්පනය කළොත්, ඉතා ඉහළ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ජනවාරි මස මුල දක්වා සීමාවන් පැනවීමට සිදුවනු ඇති" මර්කෙල් පැවසීය.
පාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පැවතියද යුරෝපයේ විශාලතම ආර්ථිකයේ අවන්හල්, බාර්, ක්‍රීඩා පහසුකම් සහ සංස්කෘතික මධ්‍යස්ථාන අඛණ්ඩව වසා දැමීම මෙම සීමාවන් යටතේ තවදුරටත් සිදුවනු ඇත.