ජර්මනියේ කොරෝනා වෛරස එන්නත ලබාදීමේ ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවත්, එසේ නොමැතිව එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයේ පූර්ණ සහභාගීත්වය ලබා ගැනීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීමට සිදුවන බවත් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අද (10දා) පැවසීය.
නව රෝගීන් වැඩිවීම පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ වැඩි දෙනෙකුට එන්නත් ලබාදීම සඳහා පෙළඹවීම වෙනුවෙන් ජර්මානු චාන්සලර් පැවසුවේ එන්නත් ලබාදීමට නිර්දේශ නොකළ ඇතැම් ළමා කාණ්ඩ සහ ගැබිණි කාන්තාවන් හැර අන් සියලු දෙනා වෙත ඔක්තෝබර් 11දා සිට රජය නොමිලයේ ලබාදෙන කොවිඩ්-19 පරීක්ෂණ නතර කරන බවයි.
අවන්හල්වලට ඇතුළු වීමට, ආගමික උත්සවවලට සහභාගී වීමට සහ ගෘහස්ථ ක්‍රීඩාවන්හි යෙදීම සඳහා මිනිසුන්ට එන්නත ලබාගෙන තිබීම හෝ සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම ජර්මනිය තුළද අනිවාර්ය වෙයි.
"නරක ආරංචිය නම් එන්නත් කිරීමේ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු වී තිබීමයි" මර්කෙල් වැඩිදුරටත් පැවසීය.