ජර්මනියේ කොවිඩ්-19 ආසාදන දෙවැනි වටයටත් ඉහළ යමින් පවතින වාතාවරණය තුළ එරට බර්ලීන් අගනුවර බාර්, අවන්හල් සහ වෙළෙඳ සැල් රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා වසා දැමීමට නියෝග කර තිබේ.
බර්ලීන් නගරයේ සෙනෙට් සභාව අඟහරුවාදා මෙම තීරණය ගත් අතර, එය සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන බව කියයි.
මේ වනවිට බර්ලීනයේ දිස්ත්‍රික්ක කිහිපයක කොරෝනා වෛරස ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් ඔසුසැල් සහ සේවා ස්ථාන මෙම නියෝගයෙන් නිදහස් කර ඇත.
එසේම රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා කණ්ඩායමක් ලෙස රැස්වීමට අවසර දුන් පුද්ගලයින් සංඛ්‍යාව පස් දෙනෙකුට සීමා වන අතර, වරකට දස දෙනෙකුට වඩා ගෘහස්ථ රැස්වීම්වලට සහභාගී වීමට ඉඩ නොදෙන බව පවසයි.
රෝග පාලනය සඳහා ජර්මනියේ මධ්‍යස්ථානයට අනුව අඟහරුවාදා දිනයේ පමණක් රට තුළ නව ආසාදිතයන් 2,600කට වඩා වාර්තා වී ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකක වෙත යොමුකළ යුතු රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බවද නිල දත්ත පෙන්වා දෙයි.