ජර්මනියේ ජාතික රෝග පාලන ඒජන්සිය නව කොරෝනා වෛරසය ආසාදිතයන් 2,297ක් වාර්තා කර ඇති අතර, එය පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට පැය 24ක කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගයයි.
මෙම වැඩිවීම තවමත් මාර්තු මස අගදී රටේ උපරිම මට්ටමට ළඟාවී නොමැති බවද එම ඒජන්සිය පවසයි. එවකට දෛනිකව ආසාදිතයන් 6,000කට වඩා ජර්මනියෙන් වාර්තා විය.
මේ වනවිට ජර්මනියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 272,932ක් වාර්තා වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 9,388කි.