ජෝර්දානයේ රැකියා සදහා ගොස් , එරට දී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටින්නන් මෙරටට කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ රැගෙන විත් තිබුණි .මොවුන් අද දින අලුයම 4.15 ට ජෝර්දානයේ අම්මාන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ .