ජෝර්දානය චීනයෙන් මිලදී ගත් සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල දෙවැනි තොගය ඊයේ (06දා) එරටට පැමිණි බව ජෝර්දාන සෞඛ්‍ය අධිකාරිය පවසයි.
මෙම සතිය අවසානයේදී චීනයෙන් තවත් එන්නත් තොගයක් නැව්ගත කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් කාණ්ඩ දෙකක් අඟහරුවාදා ලෙබනනයට පැමිණියේය.
ලෙබනනයේ චීන තානාපති වැන් කෙජියන් පැවසුවේ චීනය පිළිවෙලින් ලෙබනන් රජයට සහ හමුදාවට එන්නත් තොග දෙකක් ලබා දුන් බවත්, එය චීන හා ලෙබනන් රජයන්, හමුදාවන් සහ ජනතාව අතර ඇති ගැඹුරු මිත්‍රත්වය පෙන්නුම් කරන බවත්ය.
මෙම එන්නත් ලෙබනන් හමුදාව, රේගුව, සමාජ ආරක්ෂණ සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා වෙන් කරන බව ලෙබනන් භාරකාර සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය.