ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
ඇමෙරිකානු පොලිස් අත්අඩංගුවේදී මියගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහයට අවසන් ගෞරව දක්වමින්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන අල් ෂාප්ටන් පූජකවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට දැඩිව පහර දී තිබේ.
"අපි ඔබට ජෝර්ජ්ව මුක්කු ලෙස භාවිත කිරීමට මිනිසුන්ට ඉඩ දෙන්නේ නෑ" යනුවෙන් ඔහු කියා සිටියේ ජෝර්ගේ මරණයෙන් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ධවල මන්දිරය අසල දේවස්ථානය වෙත ගොස් බයිබලයක් අතැතිව පෙනී සිටි ඡායාරූප සැසියද සිහිපත් කරමිනි.
"ඔබේ දණහිස් අපේ බෙල්ලෙන් ඉවත්කර ගන්න" යනුවෙන් කළු ජාතිකයන්ට දැඩි ඉල්ලීමක් කිරීමට දැන් කාලය එලැඹ ඇති බව ෆ්ලොයිඩ්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මින්නෙපොලිස් හිදී සංවිධානය කර තිබූ පළමු අනුස්මරණයට එක්වෙමින් අල් ෂාප්ටන් විසින් අවධාරණය කරන ලදී. ඔහුගේ මෙම ප්‍රකාශය සෘජුවම ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉලක්ක වූවක් විය. විශේෂයෙන්ම මෙම විරෝධතා මැඬපැවැත්වීමේදී ට්‍රම්ප් ගනු ලැබූ ක්‍රියාමාර්ග ඔහුගේ විවේචනයට ලක්විය.
මෙම අවස්ථාවේදී රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම අවස්ථාවේදී වඩාත් සංවේදී කාරණයක් වූයේ මින්නෙපොලිස් නගරාධිපතිවරයා ඔහුගේ දේහය සහිත පෙට්ට්ය අල්ලාගෙන කඳුළු සැලූ ආකාරයයි.
ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මිනීමැරීමට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ සේවයෙන් පහ කරන ලද මින්නෙපොලිස් හි පොලිස් නිලධාරීන් සිව් දෙනාගෙන් තිදෙනෙකු සඳහා ඇ.ඩො.මිලියනය බැගින් වූ ඇප නියම කර තිබේ.
මේ අතර ෆ්ලොයිඩ්ගේ මරණය වර්ගවාදය සහ පොලිස් අපයෝජනය හෙළා දැකීම සඳහා එක්සත් ජනපදය පුරා නගරවල පුළුල් විරෝධතා සහ ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වූ ආකාරය දැකගත හැකි විය. එහි ඇතැම් විරෝධතා මේ වනවිට සාමකාමී ස්වරූපයක් ගෙන තිබුණත්, තවත් බොහෝ විරෝධතා ප්‍රචණ්ඩකාරී වී තිබේ. එමෙන්ම ඊට සහයෝගය දක්වමින් ලොව පුරා රටවල් කිහිපයදක විරෝධතා සංවිධානය වී තිබුණි.
විශේෂයෙන්ම ෆ්ලොයිඩ්ගේ බෙල්ල විනාඩි 8යි, තත්ත්පර 46ක කාලයක් පොලිස් නිලධාරියා විසින් පාගාගෙන සිටි නිසා මෙම අනුස්මරණයේදී අදාල කාලයටම නිහඬතාවක් පැවැත්විණි.
මින්නෙපොලිස් හි අනුස්මරණයෙන් පසුව ෆ්ලොයිඩ්ගේ දේහය මීට වසර 46කට පෙර ඔහු උපත ලැබූ උතුරු කැරොලීනා ප්‍රාන්තයේ රයිෆෝර්ඩ් වෙත හෙට (06දා) ගෙනගොස් මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිත අතර, පසුව පෞද්ගලික සුසානයකදී ඔහුගේ අවසන් කටයුතු පැවැත්වීමට පෙර ෆ්ලොයිඩ් සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළ හූස්ටන් හි සඳුදා (08දා) තවත් අනුස්මරණයක් පැවැත්වීමට නියමිතය.
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd