චීනයෙන් මිලදී ගත් කොවිඩ්-19 එන්නත්වල පළමු තොගය ඊයේ (03දා) ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසි වෙත ළඟා වී තිබේ.
ජෝර්ජියාව සිය පළමු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලබා ගැනීමෙන් පසු මාර්තු 15 වැනි දින රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මේ වනවිට රට තුළ ආසාදන 283,369ක් වාර්තා වී ඇති අතර, මරණ 3,804ක් වාර්තා වී තිබේ.