කොවිඩ් වෛරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පූර්ණ සුවය ලබා තිබේ. තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ නිවරුදි ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියේය.
තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.