ජයවර්ධනපුර රෝහලේ දැනට පවතින ක්‍රියාකාරීත්වය සොයා බලා එහි කාර්යක්ෂමතාව වැඩිකිරීමේ නිදේශ ලබාගැනීමට පත්කළ කමිටුවේ යෝජනා ඇතුලත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීසිදු කෙරිනි.
ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මීට ඉහත දී උපදෙස් ලබා දී තිබූ අතර, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ක්‍රියාදාමයන් හා ක්‍රියාකාරකම් අධ්‍යයනය කර එහි කාර්යක්ෂමතාව වැඩි කිරිමට අදාල වාර්තාවක් හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදි.
ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව වැඩිදියුණූ කිරීමට අදාලව පත් කල මෙම පංච පුද්ගල කමිටුව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීතා විතානාරච්චි මියගේ සභාපතිත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුලකහඳලියනගේ මහතා, ලංකා පෞද්ගලික රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය බන්දුලවිඡේසිරිවර්ධන මහතා, හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී එච්. ස්වර්ණතිලක මහතා යන සාමාජිකයින්ගෙන් සමන්විත විය.
මෙම කමිටුව විසින් හදුනාගත් රෝහලේ ගැටළු, පසුබිම් තොරතුරු, රෝහලේ වර්තමාන තත්වය, රෝහල් අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලියන් සහ ගැටළු, රෝහල් මණ්ඩල පනත හා සම්බන්ධ ගැටළු, පරිපාලනය හා කළමනාකරණය සම්බන්ධ ගැටළු, මූල්‍ය කළමනාකරණයේ හඳුනාගත් ගැටළු, ප්‍රවර්ධන සහ සේවා සම්බන්ධ කරුණු, සාමාන්‍ය විගණන මගින් හඳුනාගත් ගැටළු ඇතුලත් කමිටුවේ කෙටි කාලීන හා දිගු කාලීන පියවර, යෝජනාවන් ඇතුලු නිර්දේශ 36 කින් යුත් වාර්තාව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදි.