ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නාකෙන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඔහු 28 දා දිවයිනට පැමිණීමට නියමිත අතර 30 දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ජපානයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු නෞකා දෙක අධිකාරියට පත්කිරීමේ අවස්ථාවටද ඔහු 29 දා එක්වීමට නියමිතය.
සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමගද සාකච්ඡා කිරීමට ජපාන රාජ්‍ය අමාත්‍යවරයා සූදානමින් පසුවෙයි.
මීට දින කිහිපයට පෙර ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර එය ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් ශ්‍රී ලකාවට පැමිණි පළමු අවස්ථාව වෙයි.