ජපානය හා ශ්රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජපාන අග්රාමාත්ය සින්ෂෝ අබේ මහතා ප්රකාශ කරයි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අබේ මහතා වෙත සිය ට්විටර් ගිණුමෙන් සිදුකළ සුබ පැතීමට සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් ජපාන හිටපු අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
එසේම ජපානය වෙත ලබාදෙන අඛණ්ඩ සහාය අගය කරන බවත් සිංෂෝ අබේ මහතා ප්රකාශ කරයි.