ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ජපානය සමග සුහදශීලීව කටයුතු කරමින් දුෂ්කර අවස්ථාවලදී ජපානය සමග ඉතා ළඟින් කටයුතු කළ බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (21දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග පැවැති විශේෂ සාකච්ඡාවේදීය. මෙහිදී සමුද්‍රීය ආරක්ෂාව හා දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡාව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවි විජේගුණරත්න, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහත්වරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සහ ජපානය නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් සහභාගි වූහ.