ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා එළැඹෙන 22දා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඔහු 22 දා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර ජපාන ආරක්ෂක අමාතවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව ලෙසද මෙය සැළකෙයි.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනෙක් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අමාත්‍යවරයා කොළඹින් පිට ක්ෂේත්‍ර චාරිකාවකටද එක්වීමට නියමිත බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.