ජපාන අග්රාමාත්යවරයාගේ විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්රී කෙන්ටාරෝ සොනොවුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඔහු අද (15දා) සිට හෙට (16දා) දක්වා ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මෙසේ ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ඔහු ශ්රී ලංකා රජයේ නියොජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.