ආසියා පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වාගෙන යන ජපානය සමග ආර්ථික සම්බන්ධතා වැඩි වශයෙන් ඇති කරගැනීමට රජය තීරණය කර තිබේ. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනයට අධික තීරු බදු පැනවීම හේතුවෙන් චීනයෙන් මහා පරිමාණ ණය ප්‍රදාන නොලැබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් මෙහිදී පෙන්වා දී තිබේ. ඩොලරය ශක්තිමත් වීම තුළ කලාපයේ සෙසු රටවල් අතරින් ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව යන රටවල මුදල් ඒකකද දරුණු අවප්රමණයකට ලක්ව පවතී.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කලාපයේ අනිකුත් රටවල් සමග සැසඳීමේදී ආර්ථිකය යම් මට්ටමකින් පවත්වාගෙන යන්නේ ජපානය පමණක් බව හෙළි වී ඇති අතර, ඒ අනුව ජපන් සබඳතා තර කිරීමට රජය තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව වීමට පෙර මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, ඒ අනුව ගත් තීරණ ඇමතිවරුන්ට හා ආර්ථික විශේෂඥයන්ට දැනුම් දී තිබේ.