ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කළ ජපන් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හෝමාගම ප්‍රදේශයේ විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණයෙන් තරුණයන්ගෙන් මුදල් අයකරන බවට කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් ජපන් ජාතිකයා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුවත් ඔහු මෙරට තුළ රැඳී සිටිමින් මෙම ජාවාරමට සම්බන්ධවී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ජපන් ජාතිකයාගේ වීසා කාලය අවසන්වී ඇති නිසා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කෙරිණි.