ජපානය සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ මෙහෙයුම අද (17දා) ටෝකියෝ රෝහල් සේවකයන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දීමෙන් දියත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයන් 40,000කින් යුත් ආරම්භක කණ්ඩායමට එන්නත ලබා දීමෙන් පසු, කොවිඩ්-19 රෝගීන් වෙත සම්බන්ධ වන, ඉතිරි මිලියන 3.7ක් සෙසු සෞඛ්‍ය වෘත්තිකයන් වෙතද, පසුව වයස අවුරුදු 65 හෝ ඊට වැඩි මිලියන 36ක ජනතාව වෙතද ලබාදීමට ජපානය සැලසුම් කරයි.