ශ්‍රී ලංකාවේ කාන්තා සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ.
මෙමගින් දීර්ඝකාලීන සාමය ළඟාකරගැනීම සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ස්තී‍්‍ර පුරුෂ සමාජ භා විසමානාත්මතාවය, කාන්තා බලගැන්වීම සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ධනාත්මක වෙනසක් ඇතිකිරීම අරමුණු කෙරේ.
මෙම ව්‍යාපෘතියට අදාළ හුවමාරු පත්‍ර සඳහා අත්සත් තැබීම ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත රීට්සු නකේන් මහත්මිය විසින් තානාපති නිලනිවසේදී සිදුකරන තිබේ.