ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ගෙවීගිය සෙනසුරාදා නව කොවිඩ්-19 රෝගීන් 1,329ක් වාර්තා වී ඇති බවය. එය අගෝස්තු 14දායින් පසු වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව වන අතර, අඛණ්ඩව තුන්වැනි දිනයට බලධාරීන් විසින් නව ආසාදන 1,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් අවස්ථාවය.
ජපානයේ මේ වනවිට සමස්ත ආසාදිතයන් 107,798ක් වාර්තා වී ඇති බව අමාත්‍යාංශය පවසයි. සෙනසුරාදා අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය ගොස් ඇති අතර, රටපුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 1,825ක් වාර්තා වී තිබේ.
ටෝකියෝ අගනුවරද ආසාදන ඉහළ යමින් පවතින අතර, බලධාරීන් පැවසුවේ සෙනසුරාදා ජපාන අගනුවර ආසාදිතයන් 294ක් වාර්තා වී ඇති බවය. එය අගෝස්තු 20දායින් පසුව ටෝකියෝවේ වැඩිම දෛනික ආසාදන වැඩිවීමය. එය ආසාදන 200ක් අඛණ්ඩව ඉහළ ගිය තෙවැනි දිනයයි.
වසංගතය ආරම්භ වූ දා සිට ටෝකියෝවේ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් 32,429ක් හඳුනාගෙන තිබේ.