එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථනයකින් ජුනි 27 වනවිට එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ 127,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වේ.
එම මධ්‍යස්ථානයේ සමූහ පුරෝකථනය බාහිර ආයතන සහ පර්යේෂකයන්ගේ තනි පුරෝකථනයන් 20ක් මත රඳා පවතී. බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද නව ප්රක්ෂේපන මගින් ජුනි 27 වනවිට මරණ 127,230ක් පුරෝකථනය කර ඇති අතර වසංගතය හේතුවෙන් 143,340ක් දක්වා මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකි බවද පුරෝකථනය කර තිබේ.
මේ සතියේ ජාතික සමූහ පුරෝකථනය අනුව සතියකට අලුතින් වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දිගටම පහත වැටෙනු ඇති බවද එම වෙබ් අඩවියේ දක්වා ඇත.
එමෙන්ම ඇතැම් තනි මාදිලි මෙන් නොව, එම සමූහයේ පුරෝකථනය මගින් ඉදිරිපත් කරන්නේ ඉදිරි මාසය සඳහා දත්ත පමණි. මීට පෙර සතියේ ප්‍රකාශයට පත් කරනලද පෙර සමූහ අනාවැකිය ජුනි 20 වනවිට මරණ 123,200ක් පමණ පුරෝකථනය කර තිබුණි.
කෙසේ වෙතත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (05දා) උදෑසන වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 108,208ක් වාර්තා වන අතර, එරට සමස්ත ආසාදිත අගය 1,872,660කි. එසේම වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස 485,002කි.