ජොන්සන් ඇන්ඩ් ජොන්සන්ගේ කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය අත්හිටුවන ලෙස එක්සත් ජනපද ෆෙඩරල් සෞඛ්‍ය ඒජන්සි ඊයේ (13දා) ඉල්ලා සිටියේය.
අඟහරුවාදා ඒකාබද්ධ ප්‍රකාශයකින් එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සහ එක්සත් ජනපදය. ආහාර හා ඖෂධ පරිපාලනය කියා සිටියේ එන්නත ලැබීමෙන් පසු පුද්ගලයන් තුළ දුර්ලභ හා දරුණු රුධිර කැටි ගැසීමක් වාර්තා වී ඇති අවස්ථා 6ක් සම්බන්ධ දත්ත සමාලෝචනය කරමින් සිටින බවයි.
මෙම අවස්ථාවලදී ත්‍රොම්බොසිස් නම් රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් මෙන්ම, අඩු රුධිර පට්ටිකා තත්ත්වයක් වාර්තා වී ඇත.
මෙම රෝගීන් 6 දෙනාම වයස අවුරුදු 18ත් 48ත් අතර කාන්තාවන් වන අතර, එන්නත් කිරීමෙන් දින 6 සිට 13 දක්වා කාලය තුළ ඔවුන්ට රෝග ලක්ෂණ මතුවී තිබේ. කෙසේ වෙතත් මෙම අහිතකර සිදුවීම්ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් වාර්තා වූ සිදුවීම් මෙන්ම, අතිශය දුර්ලභ බව පෙනෙන්නේ යැයිද එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.