ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත භාවිත කළ අය අතර අහිතකර ප්‍රතික්‍රියා සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
සිකුරාදා නිකුත් කළ නිවේදනයක එම මධ්‍යස්ථානයේ ප්‍රකාශක ක්‍රිස්ටන් නොර්ඩ්ලන්ඩ් මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කර ඇත.
ඒ අනුව අයෝවා, කොලරාඩෝ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා හි කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීමෙන් පසුව එන්නත් ලබන්නන් කරකැවිල්ල, සැහැල්ලු හිසරදය, ක්ලාන්තය, වේගයෙන් හුස්ම ගැනීම සහ දහඩිය දැමීම රෝග ලක්ෂණ අත්විඳින බව පවසයි.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ මෙම අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එන්නත් කිරීම තාවකාලිකව නවතා ඇති බවද එම ප්‍රාන්ත කිහිපයක නිලධාරීන් තහවුරු කර තිබුණි.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාදීම විශාල වශයෙන් නවත්වන ලෙස එක්සත් ජනපද සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිර්දේශ නොකරන බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ එන්නතෙන් ඇති වන දරුණු අතුරු ආබාධ අසාමාන්‍ය වන අතර, බොහෝ දෙනෙකු කිසිදු අතුරු ආබාධයක් අත්විඳි නොමැති බවය.
"සමහර අයට එන්නත් කරන ස්ථානයේ වේදනාව හෝ ඉදිමීම හෝ උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ හිසරදය ඇති වෙනවා. මේවා සාමාන්‍යයෙන් දිගුකල් නොපවතින අතර ඔබේ ශරීරය ආරක්ෂාව ගොඩනඟන බවට ලකුණු ලෙස දක්වන්නට පුළුවන්." එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.