නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බැවින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කෝවිඩ් -19 එන්නතෙහි තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමේ ප්‍රමාණය අඩු කරමින්, එන්නත ඉක්මනින් ලබාදීමට සමාගම සූදානම් වෙයි.
ඔවුන් මුලින් සැලසුම් කළේ ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන්නන් 60,000ක් තෙවැනි අදියර සායනික පරීක්ෂණ සඳහා බඳවා ගැනීමටය.
"සාමාන්‍ය ජනතාව අතර කොවිඩ්-19 ඉහළ මට්ටමක පැතිර යන හෙයින්, අපගේ කොවිඩ්-19 එන්නත් අපේක්ෂකයාගේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා අවශ්‍ය දත්ත වෙනුවෙන් 40,000ක් පමණ සම්බන්ධ කරගැනීමට අප අපේක්ෂා කරනවා" යැයි ප්‍රකාශක ලීසා කැනෙලෝස් පැවසීය. "එන්නත ආරක්ෂිත සහ ඵලදායී නම්, හදිසි භාවිත අවසර පත්‍රයක් ලබාගැනීමට පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය වෙත ඉදිරිපත් කළ හැකියි. ලොව පුරා වෙනත් සෞඛ්‍ය නියාමන ආයතන වෙතත් ඊට සමාන්තරව එන්නත ඉදිරිපත් කරනවා."
ඒ අනුව මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක්, මෙඩොර්නා, ඇස්ට්‍රාසෙනෙකා මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එක්සත් ජනපදය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම එන්නත්වලින් ෆයිසර් එන්නත මේ වනවිටත් බ්‍රිතාන්‍ය ප්රමුඛ රටවල එන්නත් කිරීම් අරඹා තිබේ.