ස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනාව මත පවරා ඇති නඩුවේ විභාගය අවසානයේ විත්තියේ සාක්ෂි නොකැඳවා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදොස් කර නිදහස් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.