ඇමෙරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයට පත්කරන ලද සමූහ පුරෝකථනයට අනුව ලබන ජනවාරි 30 වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 405,000 - 438,000ක් අතර ප්‍රමාණයක් සිදුවනු ඇති බව කියයි.
ඇතැම් හුදකලා පුරෝකථනයන්ට වඩා, මෙම මධ්‍යස්ථානය විසින් සිදුකරන සමූහ පුරෝකථනය මඟින් අනාගතයට සති කිහිපයක් පමණක් පුරෝකථනය කරයි. එහිදී දෙසැම්බර් 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද පෙර සමූහ අනාවැකිය මගින් ජනවාරි 23 වනවිට කොරෝනා වෛරසය ආශ්රිත මරණ 424,000ක් දක්වා පුරෝකථනය කර ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගයෙන් අවම වශයෙන් පුද්ගලයින් 360,999ක් අද (07දා) උදෑසන වනවිටත් මිය ගොස් ඇත.
මේ අතර එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පැවසුවේ, එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් නව කොවිඩ්-19 ප්‍රභේදය සහිත සිද්ධීන් අවම වශයෙන් 52ක් එක්සත් ජනපදයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.
ඒ අනුව කැලිෆෝනියාවේ ආසාදන 26ක්, ෆ්ලොරිඩාවේ ආසාදන 22ක්, කොලරාඩෝ ආසාදන 2ක් සහ ජෝර්ජියාවේ සහ නිව්යෝක්හි එක් සිද්ධියක් ඇතුළත් වේ.