ජෙනරල් මෝටර්ස් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මේරි බාරා ඊයේ (20දා) සමාගමේ සේවකයන් සඳහා වඩාත් නම්‍යශීලී සේවා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහු කියා සිටියේ, "වැඩ කිරීමට අවසර දී ඇති විට, සේවකයන්ට අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විශාලතම බලපෑමක් ඇතිකළ හැකි ඕනෑම තැනක සිට වැඩ කිරීමේ නම්‍යශීලී බවක් දැන් ලබාදී තිබෙනවා." යනුවෙනි.
"මේ ප්‍රවේශය පිටුපස ඇති අදහස වන්නේ, ඕනෑවට වඩා නියම කළ මඟ පෙන්වීමකින් තොරව අපගේ සේවකයන්ට හොඳ තීරණ ගැනීමට හැකියාව ඇති බව ප්‍රකට කිරීමයි" බාරා පැවසීය.
ආයතනයේ සෑම සේවකයෙකුටම එකම නම්‍යශීලීභාවයකින්, මෙම වෙනස්වීම් වලින් ප්‍රයෝජන ගැනීමට නොහැකි බව බාරා පිළිගත් නමුත් සෑම සේවකයෙකුටම වඩා හොඳ සමබරතාවක් ඇති කිරීමට සමාගම කැපවී සිටින බව පැවසීය.
එය සාක්ෂාත් කර ගැනීම සඳහා බාරා පවසන්නේ සමාගම විසින් උතුරු ඇමෙරිකාවේ නව නිෂ්පාදන කණ්ඩායම් නායකයන් 200කට වැඩි ප්‍රමාණයක් එක් කරන බවයි. නිෂ්පාදන ස්ථාන, අතිරේක ලැප්ටොප් සහ වෙනත් උපාංගවලින් සන්නද්ධ කරන අතර, නිවසේ සිට මාර්ගගත පුහුණුවීම් සම්පූර්ණ කිරීමට සමාගම ඉඩදෙන බවක පැවසීය.
වසංගතය අතරතුර සේවා ස්ථානවල දිගටම සේවය කළ ජෙනරල් මෝටර්ස් සේවකයන්ට මෙන්ම, වසරකට වැඩි කාලයක් දුරස්ථවද සේවය කළ අයටද බාරා එක ලෙසම ස්තූතිය පළ කළේය.