Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
රටේ පවතින දේශපාලන අස්ථාවරබව දුරු කිරීම සඳහා මහා මැතිවරණයක් අවශ්‍යද යන කරුණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් ප්රජාතන්ත්රවාදී ක්‍රමය බවදේශපාලන ක්ෂෙත්රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි 'අද'ට වාර්තාවෙයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ දී ඇත්තේ ජනතාවගේ මතය විමසීමට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවයි.
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අගමැති අපේක්ෂකා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අයෙකු පත් කිරීමට එකඟ නොවීමත් ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට අකැමැත්ත ප්‍රකාශ කිරීමත් නිසා ඇති වී ඇති ගැටුම රටේ ඉදිරි ගමනට දැඩිව බලපෑම් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා තමන්ට ගත හැකි මීළඟ පියවර පිළිබඳව උපදෙස් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.
popular news
raawana Monday, 10 December 2018 10:50 AM
ලාම්පු කලගෙඩි සෙල්ලමට් එරෙහිව කෑ ගහපු එවුන්, අද ඒ පස්සේ යනවා. දෛවයක සරදම්.
Reply : 80 48
Champa Monday, 10 December 2018 11:28 AM
හොඳයි වැඩේ. එතකොට චන්ද තුනයි. එක චන්දෙකට බිලියන් 6ක් 7ක් ගානේ බිලියන් 18ක් විතර චන්ද වලට. අරහේ දරුවෝ දවස් දෙකේ බඩගින්නේ. සමහර දරුවන්ට එක කෑම වේලයි බඩට වැටෙන්නේ. මෙහෙ දේශපාලකයන්ගේ ආත්මාර්ථකාමී බල ලෝභයට චන්දයක් ඕනෙද කියල අහන්න ජන මත විචාරණයක් තියන්න හදනවා. රටේ අස්ථාවර භාවය නැති කරන්න හරිම ලේසියි. ඒකට බිලියන් 6ක් 7ක් වියදම් කරලා ජනමත විචාරණයක් තියන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ මේච්චර කල් කළා වගේ බහුතරය තියෙන පක්ෂෙට ආණ්ඩුවක් හදන්න ඉඩ දුන්න නම් කතාව ඉවරයි. මෙතන තියෙන්නේ ඒක නෙමෙයි. මේ චන්දයක් ඉල්ලන්නේ විධායක ජනාධිපති කම අහෝසි කරන්න. හොඳට තියෙයි. පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී කෙනෙක් මිල්යන් 500ක් දීල තමන්ගේ පැත්තට ගන්න පුළුවන් කියල රටේ ජනාධිපතිම කියන රටක, පාර්ලිමේන්තුව ගැන කිසි විශ්වාසයක් තියන්න බැහැ. තව මාස 11ක් සහ 18ක් අතර චන්ද දෙකක් එන්න තියෙනව. හදිස්සිය තියෙන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කරන එකට. දැන් රටේ ජාතිකත්වවාදියෝ දේශප්‍රේමියෝ කවුරුත් නැති නිසා විධායකය අහෝසි කරනවට විරුද්ධයි කියලා බෙරිහන් දෙන්න කවුරුවත් නැහැ. ඒ හින්ද හිතනවා හරි ලේසියි කියලා. මේක කරන්නේ තනිකරම ආත්මාර්ථකාමය නිසා.
Reply : 0 49
Deepal Nirosh Monday, 10 December 2018 02:05 PM
මේ මොන අපරාධයක් ද? ජනමත විචාරණයකට යන වියදම නිරපරාදේ වියදම් නො කර රටට අත්‍යාවශ්‍ය වී ඇති මහ මැතිවරණයක් ඊට ස්වල්ප වැඩි වියදමකින් කර ගන්න පුළුවන්.
Reply : 0 17
chandana Monday, 10 December 2018 04:32 PM
බොහොම හොදින් අපි උත්තර දෙන්නම් හිටන් ඊට කලින් මිනිස්සුන්ට කන්න දෙන්න 2019 ට අයවේය ගෙන හිතලා බහුතරේට ආණ්ඩුව දෙන්න හෙබිඉ ජනමත විචාරන වලට මුවාවෙලා හොර අයවේය ගෙනෙන්න හිතන්න එපා මොකද ඒවා පුළුවන් පාර්ලිමේන්තු මෙතිවරයක්නම් පමණි ඔහේ හෙරෙනකොට අපි දන්නවා ගොන් අදහස මොකද නීතිවිරෝදී අතුරු සම්මත ගිණුමක්අ යේම උසාවි ගෙනිහිල්ල මෙරටී අහිංසක ජනතාව තවත් බඩගින්නේ තියන්නද හදන්නේ ඔහේගේ බල තණ්හාව ඉවර නෙද්ද මිනිහෝ නන්දාවතී ගුරු මාතාව හට දස ලක්ෂ ගණන් සාප කරනවා
Reply : 4 109
Citizen Tuesday, 11 December 2018 12:34 AM
Ov me janamatha vicharanaya siyalu paksha ekathu bee me janadhipathi oneda epadha tabs janamathayak hatiyata path Kara ganimu
Reply : 0 0
n.de.Alwis Tuesday, 11 December 2018 10:07 AM
ලෝකෙට හිග කල ජීවත් වන රටක්..මිලියන 500 ගැනේ විදම් කරලා චන්දෙ ටිවන්නගියොත් හොදට තිවෙඉ,අපි යෝජනා කරන්නේ පර්ලිමෙන්ට්,ජනදිපටි,පලත්සබ චන්ද එක දවසක ටිවන්න කියල.
Reply : 0 6
dhamneth Wednesday, 12 December 2018 07:30 AM
දැන් ප්‍රශ්නෙත් ලෙඩෙත් තියෙන්නේ ජනාධිපතිතුමාටනේ .ඔබ තුමාට විසාදරයන් මෙතෙක් දුන්න උපදෙස් වලින් ප්රශ්නය දුරදිග ගියමිසක් විසදුමක් ලැබුනේ නැහැ නේද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd