ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ප්රකාශකයෙක් සඳහන් කළේ මේ වන විටත් ජනතාව කොළඹට පැමිණීමට පටන් ගෙන ඇති බවයි. ඇතැම් බස් රථ ඊයේ රාත්රියේදීම කොළඹට පැමිණ ඇති බවත් ඔහු ප්රකාශ කළේය.