Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
ඒකාබද්ධ විපක්ෂය විසින්ලබන 05 වැනිදා කොළඹදී පවත්වනු ලබන ජනබලසේනා විරෝධතාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වනබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එම මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙකු විරෝධතාවට සහභාගි නොවන බවට දන්වා නොමැති බවත්,ඒ අනුව විරෝධතාව සාර්ථක වනු ඇති බවත්හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එම විරෝධතාවට සහභාගි නොවන බවත්,ඒ මහතා මේ වනවිට විදේශගතව සිටිමින් විරෝධතාවේ සංවිධාන කටයුතුවල නිතර වන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
වසර දෙකකට වැඩි කාලයක් බිරිඳ සහ දරුවන් හමුනොවුණු බැවින් බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව නිවාඩුවක් ගතකරන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
Ruwan Monday, 03 September 2018 10:19 AM
ඔය කියන කිසිම කෙනෙකුට මහජන සහයක් නොමැත. ඇත්තේ එකම එක සුදුසුකමක් පමණි අහිංසක මිනිසුන්ගෙන් හොරාගත් මුදලින් පොහොසතුන් වීම පමණි.
Reply : 1122 1009
rocky Monday, 03 September 2018 10:27 AM
අම්මප මම මේ කල්පනා කෙරුවේ `ජන බලය` කියන එකෙත් `ජඩ බලය` කියන එකෙත් තියෙන්නේ එකම අකුරක වෙනසක් විතරයි නේ!
Reply : 1020 511
Champa Monday, 03 September 2018 03:23 PM
හිටපු ජනාධිපතිතුමා, ඔබතුමාගේ "ජනබල විරෝධතාවයට" ඒකාබද්ධ විපක්ෂය විතරක් නෙමෙයි හරි නම් මුළු රටම සහභාගී වෙන්න ඕනේ පාට පක්ෂ භේදයක් නැතුව. ඔබ නැත්නම් වහල් ආණ්ඩුව අද වෙනකොට අපේ රටට මොන තරම් විනාශයක් කරලද කියල හිතා ගන්නවත් බැහැ. ඔබ වේදිකාවෙන් වේදිකාවට යත්දී මට හුඟක් කණගාටු හිතෙනවා. ඔබ එහෙම යායුතු කෙනෙක් නෙමෙයි. ජනාධිපති විශ්‍රාම වැටුපත් අරගෙන මහමන්දිරයකට වෙලා තමන්ගේ වැඩක් බලාගෙන නිස්කලංක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙත්දී එහෙම ආත්මාර්ථකාමී නොවී ඔබ අද වේදිකාවලයි මහපාරෙයි ඔබේ කාලේ ගත කරනවා. ඔබ ගොඩ නඟපු රට ඇස් පනාපිට විනාශ වෙත්දී, රට විදේශිකයන්ට නතුවෙත්දී, රටේ සම්පත් විකුනත්දී, ජනතාව බදුබරින් පීඩාවට පත්වෙත්දී ඔබට පැත්තකට වෙලා ඉන්න බැහැ.එදා වගේම අදත් රටට තියෙන ශක්තිය ඔබ. උතුරේ යුද්ධය ඉතාම දරුණු වෙලාවකදීත් ඔබ උතුරට ගියා රට වෙනුවෙන් සටන් කරන ත්‍රිවිධ හමුදාව ධෛර්යමත් කරන්න. මැරෙන බව දැනදැනම වුනත් රට වෙනුවෙන් සටන් බිමට යන්න තරුණ සොල්දාදුවන්ට හයියක් ලැබුනේ ඔබේ නොසැලෙන අධිෂ්ඨානයයි එඩිතරකමයි දැකපු නිසා. අදත් පරගැති වහල් ආණ්ඩුවට එරෙහි වෙන්න ශක්තිය ඔබ. ඔබේ නායකත්වය එදාටත් වඩා අද මිනිස්සුන්ට දැනෙනවා.
Reply : 150 0
Champa Monday, 03 September 2018 03:48 PM
"ජනබල විරෝධතාවය" ඔබේ සහ ඒකාබද්ධ විපක්ෂයේ සටනක් විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමා. මේ සටන මුළු රටේම සටනක්. මුළු ජාතියේම සටනක්. හුස්ම වැටෙන හැම සිංහලයගේම සටනක්. වහල් ආණ්ඩුව ආපු දවසේ ඉඳන් කලේ සිංහල බෞද්ධයව වට්ටන්න හදපු එක. සමහර දෙමල/මුස්ලිම් දේශපාලකයන් ඒකට හවුල් වුන උඩගෙඩි දුන්න. හැබැයි අද වෙනකොට හොඳටම පේන්න තියෙන දේ තමයි අපිව වැට්ටුවොත් අපිට ඉස්සෙල්ල නැතිවෙලා යන්නේ සුළු ජාතීන් කියලා. දෙමලමුස්ලිම් ජාතීන් වැඩිපුර ඉන්න උතුරු නැගෙනහිර ඉතාම සීඝ්රයෙන් විදේශිකයන් අතට පත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය නැති වෙලා යනව. සිංහලය වැටුනොත් තමනුත් වැටෙනවා කියලා ඔවුන්ට අවබෝධ වෙන්න ඕනේ. ඉහලම ඉහල පන්තියේ දේශීය ව්‍යාපාරිකයන් සුළු පිරිසක්ට විතරක් මේ ආණ්ඩුවෙන් ප්‍රයෝජන තියෙනව. ඔවුන් හිතන්නේ ඔවුන් ගැන විතරයි. ඉතිරි සුළු මධ්‍යම සහ මහා පරිමාන ව්‍යාපාරිකයන් හැමෝටම දෙවෙනි තැන දීල පලවෙනි තැන විදේශිකයාට දෙනවා. ධීවර කර්මාන්තය විතරක් නෙමෙයි ඔන්න දැන් කෘෂිකර්මාන්තයත් විදේශිකයන්ට විවෘත කරන්න යනව. ලොකු පොඩි වෙනසක් නැතුව ව්‍යාපාර සහ වෙළඳ ක්ෂේත්රයේ හැමෝම ඔබත් එක්ක මහා පාරට ඇවිල්ල වහල් ආණ්ඩුවට විරෝධය දැක්විය යුතුයි.
Reply : 109 0
Champa Monday, 03 September 2018 04:28 PM
රනිල් දන්නවා ඔවුන්ට නැවත බලය ලැබෙන්නේ නැහැ කියල. ඒ හින්ද දැන් කරන්නේ මීළඟට රටේ නායකයා වෙන කිසි කෙනකුට ලංකාව ආපහු ගොඩ ගන්න බැරිවෙන්න රටේ සියලු මර්මස්ථාන විදේශකයන් අතට පත්කරන එක. රටට ඉතාම අහිතකර වෙළඳ ගිවිසුම් ගහන එක. අපේ රටේ සම්පත් පිටරැටියන්ට දෙනඑක. අපේ දේශීය ව්‍යාපාර වට්ටන එක. අපේ දරුවන්ට රස්සාවල් නැතිකරන එක. අපේ සිංහල සංස්කෘතිය වටිනාකම් විනාශ කරන එක. --- මට එන කේන්තියට, මම ඔබ වුනානම් මිනිස්සුන්ව අවුස්සලා මුළු රටම ගිනි තියල මන්දිර ගෙවල් වටකරලා රට විකුණන දේශද්‍රෝහීන් ඔක්කොම මහපාරට ඇදලා දානවා. ඔබ වටේ ඉන්නේ ඔබට සහයෝගය දක්වන්නේ එහෙම කරන්න පුළුවන් ඉතාම ආවේගශීලී සටන්කාමි මිනිස්සු. ඔබ වටා ඉන්න මහා සංඝරත්නයත් ඊට දෙවෙනි නැහැ. නමුත් හිටපු ජනාධිපතිතුමා, ඔබතුමා එහෙම කෙනෙක් නෙමෙයි. ඔබ කෘතහස්ත දේශපාලකයෙක්. පරිණත රාජ්‍ය නායකයෙක්. ප්‍රවීන දූරදර්ශී රාජ්‍ය පාලකයෙක්. කීර්තිමත් උදාර සිංහල නායකයෙක්. ඔබ ඔබේ පිරිස හසුරුවා ගෙන සන්සුන් කරගෙන රටේ නමත් සිංහල ජාතියේ නමත් රැකගෙන සුද්දන්ගේ කාලෙට පස්සේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ආණ්ඩු විරෝධය 2018 සැප්තැම්බර් 5 වෙනිදට කොළොඹදී පවත්වනවා.
Reply : 0 0
Champa Monday, 03 September 2018 05:01 PM
හිටපු ජනාධිපතිතුමා, දළදා සමිඳු පිහිටෙන් ඔබේ ජනබල විරෝධය හිතනවාටත් වඩා ඉහලින්, වචනයේ පරිසමාප්ත අර්ථයටත් වැඩියෙන් ඉතාම සාර්ථක වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ---- මගේ රටටත්, මුළු රටටම සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් විදියට අදටත් රටේත් ජාතියේත් බුදු දහමේත් අනාගත ඉරණම අතේ තියාගෙන රටටම නායකත්වය දෙන ඔබටත්, රටම අවදි කරමින් මුළු මහත් ජාතියකටම ජීවය ප්‍රාණය සහ දහිරිය දෙන විමල්ටත්, පොදු ජන තරුණ පෙරමුණේ නායකත්වය නාමල් සහ අනිකුත් සියලු පක්ෂ නායකයන්ටත්, ඒකාබද්ධ විපක්ෂයේ සියලු සටන්කාමී මන්ත්‍රීවරුන්ටත්, පරගැති වහල් ආණ්ඩුවේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ පොලිස්පතිගේ පුස් පාර්ට් වලට බිය නොවී සැප්තැම්බර් 5 ජන බල විරෝධයට සහභාගී වෙන සියලු දේශානුරාගී දේශප්‍රේමී ජනතාවට සහ ඊට සහයෝගය දෙන සියලු රටවැසියන්ටත් ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd