වහාබ්වාදී ත්රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයු බැවින් වහා ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඔවුන්ට එරෙහිව පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී) අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ , එම්. ඒ සුමන්තිරන්, එස්. බී. දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශවලින් මීට අදාළ කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.