ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා)පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
එහිදී පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරි සංගමය, වෘත්තීයවේදින්ගේ සංගමය ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ද හමු විය.
අනතුරුව එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒවායේ කටයුතු පිළිබඳව විමසා බලා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක් කරමින් ඒවායේ කි‍්‍රයාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබාගැනීමේ හැකියාව මෙහි දී සොයා බැලා ඇති ජනාධිපතිවරයා ශක්තිමත්, ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු ද විධිමත්ව පවත්වාගෙන යාමට ජනාධිපති විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරින් වෙත උපදෙස් දී තිබේ.