Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
popular news
Champa Saturday, 15 September 2018 10:28 PM
සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා ටිකක් දුර හෝ ටිකක් කාලෙකට පිටරට යනකොට හැමදාම රටට කතා කරන්න, විපක්ෂෙට සහ ආණ්ඩු පක්ෂෙට එල්ලිලා ඉන්න ලනුවක් හෙවත් මාතෘකාවක් දීල යනවා. අන්තිමට ඈත රටකට ගියපු ගමනදී අනාථ පිල-16 කතා වස්තුව දීල ගියා. ඒක අපරාදේ කියන්න බැහැ සෑහෙන්න නැගල ගියා. කොච්චරද කිව්වොත් ඒකාබද්ධ විපක්ෂේ සම්පූර්නයෙන්ම disorient වුනා ඒ මාතෘකාව නිසා. මේ පාර මොකක්ද? මේකද? වැඩිය නැගල යන පාටක් නම් නැහැ වගේ නේද? ඒ මොකොද කිව්වා නම් මේක නිකම් ඇතුලේ ඇතුලේ වැඩක් වගේනේ නේද?
Reply : 0 0
Champa Sunday, 16 September 2018 01:38 PM
මට නම් මේ ඝාතන කතාවේ තිර පිටපත හරිම දුර්වලයි කියලා තමයි හිතෙන්නේ. ඒ මොකොද කිව්වා නම් මේකේ හුඟක් clues දීල තියෙනව. ප්‍රධානම අරමුණ විදිහට පේන්නේ පූර්ව නිගමනයක් දීම. ඒ කියන්නේ මේකේ කියන විදිහට අනාගතේ යම් සිද්ධියක් වුනොත් ඒකට වග කියන්න ඕනේ රනිල් කියලා මිනිස්සුන්ගේ ඔළුවට පූර්ව නිගමනයක් දෙන්න හදල තියෙනවා. ඊළඟ එක තමයි the plot twist is revealed. Plot twist කියන්නේ මිනිස්සුන්ට නාටකයක් පෙන්වනවා. ඒකේ හැටියට මිනිස්සුන්ට තේරෙන්න අරිනවා අවසානය මොකක්ද කියලා. හැබැයි අන්තිමට ඇත්තටම අවසානය ඊට හුඟක් හාත්පසින්ම වෙනස් නොහිතන දෙයක්. මම වෙන තැනකත් ලිව්වා වගේ මතක. මේකේ නම නොකියවෙන හිටපු ජනාධිපතිතුමා හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් අන්තිමට කියන්න ඉඩ තියෙනව විද්දේ පඳුරට වැදුනේ හාවට කියලා. තිරපිටපතේ ඊලඟ වැරදිච්ච තැන තමයි මේක කියන පඟර නැට්ටා නැහැ ඇත්තටම කිව්වොත් ලෝකේ කාල වතුර බීපු අංකූරා "දූෂණ විරෝධී සංවිධානයේ අධ්‍යක්ෂක (මෙහෙයුම්)" කියලා කියපු එක. බැලූ බැල්මට හරිම ලොකු තනතුරක්. නිකම් හමුදාවේ තනතුරක් වගේ. සාමාන්‍ය පුරවැසියෙක් කුමන්ත්‍රණයක් හෙළි කරනවා ..2
Reply : 0 0
Champa Sunday, 16 September 2018 01:51 PM
සාමාන්‍ය පුරවැසියෙක් ඇත්තටම කුමන්ත්‍රණයක් හෙළි කරනවා නම් මෙහෙම වෙන්න ඕනේ නැහැ. තිර රචකයා හිතල තියෙනව මොකක් හරි සංවිධානෙක නමක් දාගෙන ආවොත් මේ කතාවේ weight එක වැඩි වෙනවා කියලා. ඒ හින්ද මේ දවස්වල හැම තැනම දූෂණ වංචා ගැන කතා කරන හින්ද එහෙම නමක් දාලා. හැබැයි afterthought එකක් වගේ. ඒ මොකොද කිව්වා නම් මේකේ කතාවයි සංවිධානේ නමයි එකට යන්නේ නැහැ. නම දාන්න තිබ්බේ "කුමන්ත්‍රණ විරෝධී සංවිධානය හෝ ඝාතන විරෝධී සංවිධානය" කියල. එතන පොඩ්ඩක් වැරදිලා තියෙනව. අනික තමයි මේ අංකූරා කියනව තමන් පොලිස්පති ලඟට ගියේ නැත්තේ පොලිස්පති තමයි මේ අනිත් පොලිස් ලොක්කව හොඳ මිනිහෙක් කියල හඳුන්වල දුන්න නිසාලු. ඒ කතාව අපබ්රංසයක්. මේ මිනිහගේ කතාව අනුව තේරෙන්නේ මිනිහ පොලිස්පතිව පෞද්ගලිකව දන්නවා කියන එක. ඒ හින්ද කතාව කියන්න ඇත්තටම හම්බ වෙන්නේ හරිනම් පොලිස්පතිව. එහෙම හැඳුනුම් කමක් තියෙන ඕනේ කෙනෙක් කරන්නේ ඉස්සෙල්ල එයාව රහසේ හම්බ වෙලා මේ බරපතල ඝාතන කතාව කියන එක. අනික මේ කතා පටිගත කරපු එක. හරියටම මම නම් දන්නේ නැහැ මේ ඒ පොලිස් ලොක්කගේ කට හඬද කියලා. නමුත් පටිගත කරපු එකෙන් තේරෙන්නේ මේ කතාව එලියට දාන්න කලින් කරපු සැලසුමක් තිබ්බ කියන එක.
Reply : 0 0
Champa Sunday, 16 September 2018 02:10 PM
අනික මේ කතාවත් කලින් rehearse කරලා තියෙනවා. ඒ මොකොද කිව්වා නම් මේ කතාව කියන අංකූරගේ කිසිම emotion එකක් පේන්නෙ නැහැ. ඒ කියන්නේ මේක මේ කියන්නේ පලවෙනි පාරට නෙමෙයි කියන එක. තව මේකේ පටිගත ඒවා ඇති. මම දන්නෑ. මේක එක්කෝ කාටහරි ලකුණු දාගන්න. නැත්නම් පෞද්ගලික තරහක් පිරිමහන්න. නැත්නම් ජනාධිපතිතුමාගේ ගමනට ඉස්සෙල්ල නිකම් කතාවක් අරින්න එයාව ඝාතන තැතක් තියෙනව කියලා. ගෝඨාභයව එකතු කරලා තියෙන්නෙත් ඒ මොකක් හරි එහෙකට. ඇත්තටම එහෙම උවමනාවක් තියෙන කෙනෙක් මේ විදිහට කිසිම පරිස්සමක් නැතුව මෙහෙම phone එකෙන් මේ වගේ high profile ඝාතනයක් සැලසුම් කරනවා කියන එක විහිළුවක්. මාකඳුරේ ගැන කියපු එකෙන් තේරෙන්නේ මේ කතාව කියන අංකූරට මිනිමරුවොත් එක්ක කිට්ටු සම්බන්ධකම් තියෙනව කියන එක. මේ මිනිහ නිකම් මිනිහෙක් නෙමෙයි. තවත් කිව්වැකි. වැඩක් නැහැ. මට කියන්න ඕනේ හිටපු ජනාධිපතිතුමාට පරිස්සම් වෙන්න කියල. එතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. මුකුත් වෙන්නේ නැහැ. මගේ ආයුෂත් අරන් එතුම බොහෝ කල් ජීවත් වෙන්න ඕනේ. හැබැයි පොඩි හරි දෙයක් හෝ එහෙම කතාවක්වත් ගියොත් මිනිස්සුන්ට එන ආවේගෙට මොනව කරයිද දන්නේ නැහැ. ගිනි කන්දක් පිපිරුව වගේ වෙයි.
Reply : 0 0
Champa Monday, 17 September 2018 08:27 AM
මගේ comments වලට අන්තිම කෑල්ලක් එකතු කරන්න තියෙනවා., දැන ගැනීමට ඇතිපරිදි, මේ පඟර නැට්ටා පොලිස් ඔත්තුකාරයෙක්. මිනිහගෙන් මහ පුරුදු කාරයෙක් වගේ හැසිරීමක් දැක්කේ ඒකයි. මිනිහට පුරුදුයි කතාවල් record කරලා. අනිත් මිනිහ දන්නේ නැහැ මෙයා කතාව record කරන බව. පොලිසිය මින්ස්සුන්ව අත් අඩංගුවට ගන්න මෙයාව පාවිච්චි කරලා තියෙනව. මෙයා කරන්නේ මිනිස්සු එක්ක සම්බන්ධකම් ගොඩ නඟාගෙන, ඊට පස්සේ විශ්වාසය දිනා ගෙන අන්තිමට ඒ මිනිහව පාවලා දෙන එක. එහෙම කරනවට පොලිසිය ගෙවනවා මිනිහ මේ පාර පොලිස් ලොක්කෙක්වම පාවලා දුන්න. කීයක් ලැබෙයිද ඒ වැඩේට? අර පොලිස් ලොක්ක බය නැතුව මේ පඟර නැට්ට එක්ක කතා කරලා තියෙන්නේ මිනිහ විශ්වාසවන්ත කෙනෙක් කියලා හිතල. මෙයා අහපු ප්‍රශ්න කටට දිදී අහපුව. මම නම් හිතන්නේ මේ පඟර නැට්ට උවමනාවෙන්ම පොලිස් ලොක්කව frame කරා කියලා ලැබෙන මුදල් ත්‍යාගයට. වඩා භයානක පොලිස් ලොක්ක නෙමෙයි මේ පඟර නැට්ට. මෙයාට ඕනේ කෙනෙකුට ඕනේ අනතුරක් කරන්න පුළුවන්. ඒ මිනිහව හැමෝම විශ්වාස කරනනිසා. මෛත්‍රීටයි ගෝඨාභයටයි ප්‍රශ්නයක් ඇති කියල මම හිතන්නෑ. MRගේ security බාර අය කල්පනාවෙන් ඉන්න ඕනේ තමන් දන්නේ නැතුව මේ වගේ අය වටේ ඉන්නවද කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd