ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.
ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයකු වූ රාජනීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංක මහතාගේ ගුණ සමරුව පෙබරවාරි 26 වනදාට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී නිරාවරණය කෙරුණු අතර ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාරද දැක්වීය.