ජනපති අගමැති වේවා ඕනෑම කෙනෙක් පෞද්ගලික ජීවිතයේ මුහුණදෙන පෞද්ගලික ගැටලු පවතින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ති‍්‍රවිධ හමුදා බල ලත් නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අමතමින් අද (26දා) ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“මිනිස්සු කියන්නෙ මනසින් දියුණු අය. මිනිසුන්ට අනෙකාගේ ප්‍රශ්න හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ වෙලාවට ත්‍රිවිධ හමුදා සේවයේ මැද අවස්ථා වලදි, විශ්‍රාම යන විට මම කුමක්ද කරන්නේ? කියන ප්රශ්නය මම හිතන්නේ බොහෝ පිරිසක් සාමූහිකව මුහුණ දෙන ප්‍රශ්නයක්.
ඒ නිසා, අපි රජයක් විදියට එවැනි ප්‍රශ්න වලදි, මෙවැනි සාකච්ඡා, සම්මන්ත්රණ තුළ ඒ ලබන අවබෝධය තුළ, එවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් දැනට වඩා, පුළුල් පිළිතුරු සොයාගත හැකි වෙනවා.
ඕනෑම පුද්ගලයෙක් කුමන තනතුරක් දැරුවත්, ජනාධිපතිද, අගමැති ද, ඇමති ද, අමාත්‍යාංශ ලේකම් ද, හමුදාපතිවරු ද, අනික් කාර්යය මණ්ඩල ද, ව්‍යාපාරිකයන් ද, සාමාන්‍ය ජනතාව ද, මේ සෑම කෙනෙකුගේ ම ජීවිත වල පෞද්ගලිකව බොහෝ වෙලාවට මුහුණ දෙන ප්‍රශ්න තිබෙනවා.
සමහර විට ගත්තොත්, දරුවන්ගෙ අසනීප ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආර්ථිකය ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් සමාජමය ප්‍රශ්නයක් පිළිබඳව වෙන්න පුළුවන්. එවැනි දේවල් පොදුවේ සෑම කෙනෙක් ම මුහුණ දෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න බොහෝ වෙලාවට ඔළුවේ තියාගෙන තමයි, ඇතැම් අය, වැඩ කරන්නෙ.”