ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම සාකච්ඡාවේදී පසුගිය පස් වසරක කාලය තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව එහිදී ජනාධිපතිතුමා කණගාටුව පළ කළ බවත්, නොවැම්බර් 18 වනදා එම කරුණු ජනතාවට හෙළි කරන බව ජනාධිපතිවරයා පැවැසූ බවත් සඳහන් කළ බවත් අදාළ වාර්තාවේ දැක්වෙන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම කුමන පාර්ශ්වයක් විසින් හෝ මැතිවරණයේ අවසාන දින කිහිපය තුළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි කණගාටුව පළ කරන බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.