ජනාධිපති නිල නිවස ඉදිරිපිට බාධාකාරී වන ලෙස හැරිසරෙමින් සිටි බවට කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු ජාතික සංවිධායක අසේල සම්පත් මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (03දා) නියෝග කර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිත කරමින් ජනාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින් අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබුණද, ඔහු ජනාධිපති නිල නිවසට හැරෙන මාර්ගයේ පදික වේදිකාව අසල බිම වාඩි වී උපවාසයක නිතරව සිටි බවට අධිකරණය හමුවේ කරුණු ඔප්පු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසේල සම්පත් මහතා සඳහන් කර සිටියේ, අසත්‍ය චෝදනා ඉදිරිපත් කර තමා අත්අඩංගුවට ගෙන මානව අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට විරුද්ධව වන්දි ඉල්ලා නඩු පවරන බවයි.