ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් සතියක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
පැමිණිලිකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රකාශ සිදු වුවත් මුළු රටම ඔහු ආරක්ෂා කරන බවද පවසා සිටියේය.
යම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරියා භාරගත යුතු බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.