නොවැම්බර් මස 16දා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ”නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලයේ”(ANFREL) නිරීක්ෂකයින් 41 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සතියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
රටවල් 16ක් නියෝජනය කරන පලපුරුදු නිරීක්ෂකයින්ගෙන් යුත් මෙම කණ්ඩායමේ දෙදෙනෙකු (23) දින ශ්රී ලංකාවට පැමිණියේය.
කෙටිකාලීන නිරීක්ෂකයින් 28ක් හා දිගුකාලීන නිරීක්ෂකයින් 9 දෙනෙකු හා විශ්ලේෂකයින් ඇතුළු ප්රධානීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම නිරීක්ෂකයින් දිවයිනේ සියලුම දිස්ත්රික්ක වලට ගොස් නිරීක්ෂණය කටයුතු සිදු කරනු ඇති අතර මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියද ඔවුන්ට ලැබී තිබේ.
තායිලන්තය මූලස්ථානය කොට පිහිටි නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය (ANFREL)) මෙයට පෙර ශ්රී ලංකාවේ පැවති මැතිවරණ 10ක් නිරීක්ෂණය කොට ඇති අතර මෙරටට එන නිරීක්ෂණ කණ්ඩායමේ නායකයා ලෙස පිලිපීනයේ දමාසෝ මග්බුවාල් මහතා කටයුතු කරයි.